Monday, January 10, 2011

තමන්ගෙම ‍ජීවිතය තමන්ටම රහසක් නම්...

ඔන්න අපෙන් ඔයාලට දෙන පළවෙනි චිත්‍රප‍ටය. කෙනෙක් තරුණ වෙනකල්ම තමන්ගෙම ‍ජීවිතය තමන්ටම රහසක් නම්. තමන් පුංචිකාලෙ ‍‍ඉදල දැකපු අත්විදපු හැමදේම කෘතිම මා‍යවෙක් කියල දැනගත්තොත් මොනවගේ හැගීමක් හිතට එයිද? 

ඒ වගේ  ජීවිතයක් ගතකරපු කෙනෙක් තමයි ට්රූමන් කියන්නෙ. ඉපදුන වෙලාවෙ ඉදල එයා නළුවෙක්. එදා ඉදල එයා ‍ජීවත් වෙන්නෙ රහස් කැමරා 5000 කින් ආවරණය වුණ  හරියටම පෘථිවිය ඇතුලෙ නිර්මාණ‍ය කරපු තවත් පුංචි පෘථිවියක් වගේ හිතාගන්නවත් බැරි තරම් විශාල කලාගාරයක. ඒත් ට්රූමන් ඒක දන්නෙ නෑ.

එයාගෙ ‍ජීවිතේදි හමුවෙන හැම කෙනාම වෘතීමය නළුවො. එයාගෙ ‍ජීවිතේ හැම අවුරැද්දකම දින 365 ම පැය 24 ම සංස්කරණය නොකරන සජීවී රූපවාහිනී නාට්‍යයක්. 

ඉතින් ඔයාලට හිතෙනවද ට්රූමන් ඇත්ත හොයාගනියි කියල. ඒක ලේසි නෑ. ට්රූමන්‍ට ඇත්ත කියන්න හදන හැමෝවම ට්රූමන්‍ ශෝව් නාට්‍ය නිර්මාතෘ වළක්වනව. දැන් ට්රූමන්‍ ශෝව් බලමු. 

Download  

හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නව!

හැමදෙනාටම ආයු‍බෝවන්! සුභ නව වසරක්! 

මේ තමයි ශ්‍රී ලංකාවෙ අලුතින්ම චිත්‍රපට ගැන ලියනවෙන බ්ලොග් එක. ඔයාල ආසකරන ලස්සන චිත්‍රපට එක්ක හැමදාම අපි ඔයාල ලග‍ට එනව.  අපිත් එක්ක රැදිල ඉන්න. එහෙනම් පළවෙනි චිත්‍රපට බලන්න යමු.